Monday, November 27, 2017

පරිගණක ජාල

             පරිගණක ජාල

       පරිගණක ජාලයක් හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකි. ලක්ෂණයන්හී පුළුල් ප්‍රභේදයක් අනුව ජාල වර්ගීකරණය කළ හැක. එකිනෙක සම්බන්ධ කර ඇති උපකරණ අතර සම්පත් හා තොරතුරු බෙදාගැනුමට පරිගණක ජාලයක් ඉඩ සලසයි. මෙම ලිපියෙන් සිදුකෙරෙනුයේ එයින් සමහරක් මාදිලි හා වර්ගයන් පිළිබඳ සාමාන්‍ය සමාලෝචනයක් සිදුකිරීම සහ ජාලයක මූලික උපාංග පිළිබඳ පූර්වාබෝධයක් ලබාදීමයි.

රැහැන් තාක්ෂණය

සමාවෘත රැහැන් යුගල (Twisted pair Wire)


විඳුලි සංඳේශ ක්ෂේත්‍රයේ සුලහවම යොඳා ගන්නා මාධ්‍ය මෙය වේ. මේවා සාමන්‍ය ඳුරකථන රැහැන් වන අතර මෙහිඳි පරිවෘත තඹ රැහැන් 2 සමාවෘත කර කටහඬ හා ඳත්ත සම්ප්‍රේෂණයට යොඳා ගනී. මෙහිඳි තඹ රැහැන් 2 සමාවෘත කිරිමෙන්, එම රැහැන් අතර හටගන්නා හරස් කතාව සහ විඳ්ය්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අවම කිරිම අරමුණු වේ. මෙහි සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 2 සිට 100 ඳක්වා පරාසයක පැතිර පවතී.
 
සමක්ෂක විඳුලි රැහැන (Coaxial Cable)
 
මේවා බහුල වශයෙන් රැහැන් ඳුරකථන පඳ්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පඳ්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙඳිමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති.

ප්‍රකාශ තන්තු (Fiber Optics)


මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා ඳිගු ඳුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්ය්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් ඳෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ඳ සමාවෘත රැහැන් යුගල වලට වඞා 1000 ගුණයකින්ඳ වේගවත් වේ.

1 comment:

  1. MEGA DRIVE VR Casino Resort & Spa - MapYRO
    MEGA DRIVE VR Casino Resort & Spa is located in the MASSOCI Hotel & Casino in Las 상주 출장마사지 Vegas. 부천 출장안마 Read reviews, 공주 출장안마 view 광명 출장마사지 photos, see 전주 출장안마 special offers, and contact MEGA DRIVE VR

    ReplyDelete